Saturday, July 25, 2026
Homeදේශීයවියළි කාලගුණයෙන් පීඩාවට පත් ගොවීන්ට වන්දි දෙන්න ජනපති එකඟ වෙයි..

වියළි කාලගුණයෙන් පීඩාවට පත් ගොවීන්ට වන්දි දෙන්න ජනපති එකඟ වෙයි..

වියළි කාලගුණය හේතුවෙන් වගා හානි සිදුවන ගොවීන්ට වන්දි ලබාදීමට ජනාධිපතිතුමා එකඟතාව පළකර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර දැනුම් දෙනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ අනුව වගා හානි තක්සේරු ආරම්භ කරන්නැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දුන් බවයි.

මේ අතර සමනල වැවෙන්, උඩවලව ජලාශයට ජලය මුදා හැරීම සම්බන්ධ යෝජනාව, අද (07) යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා.

මේ අතර ඇඹිලිපිටිය ගොවීන් ආරම්භ කළ සත්‍යග්‍රහය අද (07) 15 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

ගොවීන් මෙම සත්‍යග්‍රහයේ නිරත වන්නේ, සිය වගාව සඳහා සමනල වැවෙන්, උඩවලව ජලාශයට ජලය ලබා දෙන්නැයි ඉල්ලමින්.

READ:   රෝගීන්ට පහසුකම් නොමැති දන්කොටුම රෝහල - Minimum facilities for Covid patients at Dankotuwa Hospital
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්