Tuesday, September 29, 2026
Homeදේශීයබයික් අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

බයික් අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

මාදම්පේ, මැදගම කාක්කපල්ලිය මාර්ගයේ තඹගල්ල වැව ඉදිරිපිටදී මැදගම දෙස සිට කාක්කපල්ලිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක හා විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (27) සවස සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූ යතුරුපැදියේ ගමන්ගත් දෙදෙනා හලාවත රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 16 ක් වූ මුගුනුවටවන හා රුවන්වැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

අනතුර සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   ප්‍රවේශම්වන්න! ආර්ථිකය පිරිහීමත් එක්ක, ඊළඟට පිරිහෙන දේ පොලිසිය නොකියා කියයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්