Wednesday, March 25, 2026
Homeදේශීයපුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ..

පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ..

අද (14) උදෑසන කාලයේ ගලපිටමඩ පොලිස් වසමේ දුනුමාල හන්දිය ප්‍රදේශයේදී කැබ් රථයක් තුල පුද්ගලයෙකු වෙඩි වැදී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 41ක් වූ දුනුමාල, ගලපිටමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම පුද්ගලයා කැබ් රථයෙන් තම නිවසට යමින් සිටියදී ටී 56 ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ තබා ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

ඝාතනය සිදුකල සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

READ:   මොකද්ද මේ Taxidermy? අපිට බැයිද?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්