මේටා සමාගම විසින් නව සමාජ මාධ්‍ය යෙදුමක් හඳුන්වා දී තිබෙනවා.
ට්විටර් මාධ්‍ය ජාලයට විකල්පයක් ලෙස ත්‍රෙඩ්ස් (Threads) යෙදුම ෆේස්බුක් මව් සමාගම වන මේටා සමාගම විසින් මෙලෙස හඳුන්වා දී තිබේ.
මේටා සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් පැවසුවේ පළමු පැය 4 තුළදී පමණක් ග්‍රාහකයින් මිලියන 5ක් මෙම නව යෙදවුම සමග සම්බන්ධව ඇති බවයි.
මෙම යෙදුම හරහා ඉන්ස්ටග්‍රෑම් වෙත සම්බන්ධ වීමට ද හැකියාව ඇති බව සඳහන්.


