
ටයිටන් සබ්මැරීනයේ විසිරී ගිය සුන්බුන් අතර මිනිස් අවශේෂ කොටස් හමුවූ බවට සැක කරන බව එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය පවසනවා.
ඊයේ දිනයේ ටයිටන් යාත්‍රාවේ සුන්බුන් විශාල ප්‍රමාණයක් ගොඩ ගත් අතර එහිදී යාත්‍රාවේ රාමුව සහ පිටුපස කොටස් ද හමු වුණා.
විදෙස් මාධ්‍ය පවසන්නේ එක්සත් ජනපද වෛද්‍ය වෘත්තිකයින් දේහ කොටස් පිළිබඳ විධිමත් විශ්ලේෂණයක් සිදුකරනු ඇති බවටයි.
අමෙරිකානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙක් වන කපිතාන් ජේසන් නියුබවර් ප්‍රකාශ කර ඇත්තේ මේ අනතුරට හේතුව සෙවීමේ පළමු අදියර මේ වනවිට ක්‍රියාත්මක බවයි.
ඒ අනුව ගොඩගත් සුන්බුන් කොටස් අමෙරිකාව වෙත ඉක්මණින්ම ප්‍රවාහනය කිරීමට නියමිතයි.

කපිතාන් ජේසන් නියුබවර් ප්‍රකාශයක් නිකුත් කරමින් වැඩිදුරටත් කියා සිටියේ “ටයිටන් නෞකාවේ විනාශකාරී අලාභයට හේතු වූ කරුණු අවබෝධ කර ගැනීමට සහ එවැනි ඛේදවාචකයක් නැවත සිදු නොවීමට වගබලා ගැනීමට සැලකිය යුතු වැඩ ප්‍රමාණයක් කළ යුතුව ඇති” බවයි.
ටයිටන් සබ්මැරීනයේ සිටි පස් දෙනා මිය ගියේ උතුරු අත්ලාන්තික් සාගරයේ අඩි 12,500 ගැඹුරේ පිහිටා ඇති සුප්‍රසිද්ධ ටයිටැනික් නැවේ සුන්බුන් නැරඹීමට ගොස් සිටියදීයි.
එහිදී මිනිත්තු 90 ක් පමණ කිමිදීමෙන් පසු යාත්‍රාවේ සිටි පස්දෙනාම ජුනි 18 වන දින මිය ගියා.
මේ වනවිට ටයිටැනික් නෞකාව අසල විශාල සුන්බුන් අතර තිබී සබ්මැරීනයේ ප්‍රධාන කොටස් 05ක් සොයාගෙන ඇති බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසනවා.
මෙම සුන්බුන් ගොඩ ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබුයේ කැනේඩියානු නෞකාවක් විසින්.
ඒ, නෞකාවේ සිට දුරස්ථ පාලකයක් හරහා ක්‍රියාත්මක වන රොබෝ යාත්‍රාවක් මගින්.
තවදුරටත් විස්තර සහිත විඩියෝව පහතින්,


