Wednesday, April 15, 2026
Homeදේශීයමැලේසියාවේ ගොඩනැගිල්ලකින් ඇද වැටී තවත් කාන්තාවක් මරුට: වැටුප් නොගෙවා මියයන තෙක් වැඩ...

මැලේසියාවේ ගොඩනැගිල්ලකින් ඇද වැටී තවත් කාන්තාවක් මරුට: වැටුප් නොගෙවා මියයන තෙක් වැඩ අරන්

මැලේසියාවේ රැකියාවක නිරතව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ගෙවුණු 23 වනදා එරට මහල් ගොඩනැඟිල්ලකින් ඇද වැටී මරණයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 44 ක් වූ කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

ඇය සංචාරක වීසා බලපත්‍රයක් මත විදෙස්ගතව මැලේසියාවේ රැකියාවක නිරතව ඇති බව වාර්තා වෙනවා.

නීතිවිරෝධී ආකාරයට පවත්වාගෙන යන එරට ඒජනසියක් මගින් ඇයට පොරොන්දු වූ ආකාරයට කිසිදු වැටුපක් නොගෙවා දිනපතා ඇය විවිධ ස්ථාන වල සේවයට යොදවා ඇති බව සඳහන්.

ඇය සියදිවි හානි කරගත්තාද, කිසිවෙකු විසින් ඇය ඝාකනය කලාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

පසුගිය 23 වනදා රාත්‍රියේ අවසන් වරට ඇය තම එකම පුතුට දුරකථන ඇමතුමක් ලබා දී තමන්ට කිසියම් පිරිසක් කරදර කරන බවත් තවදුරටත් එහි රැඳි සිටිය නොහැකි බවත් පවසා ඇත.

පසුව ඇය නැවතී සිටි එරට විදේශ රැකියා ආයතනයේ මහල් ගොඩනැගිල්ලේ ජනේලයකින් වැටී ඇය මරණයට පත්ව තිබේ.

ජා ඇල ප්‍රදේශයේ විදෙස් රැකියා ඒජන්සියකින් ඇය පසුගිය වසරේ දෙසැම්බර් විදෙස් ගතව ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

READ:   අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 42,248කගේ නම් ලැයිස්තුවක් දිවයිනේ සියලු පොලිස්ථාන වලට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්