Tuesday, July 28, 2026
Homeදේශීයයතුරුපැදි අනතුරින් 23 හැවිරිදි තරුණයෙක් මරුට

යතුරුපැදි අනතුරින් 23 හැවිරිදි තරුණයෙක් මරුට

වරකාපොල, කොළඹ නුවර මාර්ගයේ තෝලංගමුව ප්‍රදේශයේදී කොළඹ සිට නුවර දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව අනතුරක් සිදුව තිබෙනවා.

එහිදී මාර්ගයෙන් ඉවතට පැන ඇති යතුරුපැදිය කිලෝමීටර් 63 කණුවේ ගැටී තිබේ.

ඊයේ (14) අලුයම සිදුවූ මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු හා එහි ගමන් ගත් අනෙක් තරුණයා වරකාපොල රෝහලට ඇතුලත් කිරීමේදී එක් පුද්ගලයෙකු මිය ගිය බව පොලිසිය පවසනවා.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක්වූ මැල්ලගල, තුංගොට ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

වරකාපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   පොහොර බෙදාහැරීමෙන් ඉවත්වීමට රජය තීරණය කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්