Sunday, April 19, 2026
HomeදේශීයA/L පිළිතුරු පත්‍ර ඇගයීම් අවසන් කරන දිනය ගැන දැනුම් දීමක්..

A/L පිළිතුරු පත්‍ර ඇගයීම් අවසන් කරන දිනය ගැන දැනුම් දීමක්..

උසස් පෙළ පිළිතුරු(A/L) පත්‍ර ඇගයීම් ලබන මාසය තුළ අවසන් කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මේ වනවිට විෂයන් 2කට අදාළ පිළිතුරු පත් ඇගයීම් අවසන් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

තවත් විෂයන් 6ක පිළිතුරු පත් ඇගයීම ආරම්භ කර ඇති අතර සෙසු විෂයන්වල පිළිතුරු පත් ඇගයීම ලබන සතියේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

දිවයින පුරා මධ්‍යස්ථාන 10කදී එම ඇගයීම් කටයුතු සිදු කරනු ලබනවා.

මෙවර උසස් පෙළ විභාගයේ ඇගයීම් මාස දෙකහමාරකට අධික කාලයක් ප්‍රමාද වුණා.

ඒ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය හා අවශ්‍ය ප්‍රමාණයට ඇගයීම් සඳහා ගුරුවරුන් අයැදුම් නොකිරීම යන හේතු මතයි.

READ:   පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 6කට අධිචෝදනා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්