Saturday, April 18, 2026
Homeදේශීයඋසස් පෙළ විෂයන් 12ක පිළිතුරු ඇගයීම් ආරම්භ කරයි

උසස් පෙළ විෂයන් 12ක පිළිතුරු ඇගයීම් ආරම්භ කරයි

මේවන විට පසුගිය උසස් පෙළ විභාගයේ විෂයන් 12කට අදාළ ඇගයීම් කටයුතු ආරම්භ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

ඉතිරි ඇගයීම් කටයුතු ද සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව ඒ මහතා ප්‍රකාශ කළා.

වෘත්තීය ක්‍රියාමාර්ගවලින් ඉවත් වී උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය ගත් තීරණය සම්බන්ධයෙන් සිය ස්තූතිය පළ කර සිටින බව ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඇගයීම් කටයුතුවලට ප්‍රමුඛතාවය ලබා දෙමින් එය සාර්ථක කරගැනීම සඳහා සහය වන ලෙස විභාග කොමසාරිස්වරයා ඇගයීම් කටයුතුවල නිරත ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

READ:   පැතුම් නිස්සංකට ඩෙංගු
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්