Thursday, June 4, 2026
Homeදේශීයනීති විරෝධීව මෙරටට ගෙන්වන ලද අධි තාක්ෂණික භූමි ස්කෑන් යන්ත්‍රයක් සමග පුද්ගලයකු...

නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද අධි තාක්ෂණික භූමි ස්කෑන් යන්ත්‍රයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 50 කට අධික වටිනාකමක් යුත් අධි තාක්ෂණික භූමි අභ්‍යන්තරය පරික්ෂා කරනු ලබන ස්කෑන් යන්ත්‍රයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ගුවන් හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.එස්.එච්. පීරිස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.04.25 වන දින නවගමුව පොලිස් වසමේ අංක 549, වැලිහිද, කඩුවෙල ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී නීති විරෝධී ලෙස තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද ජර්මනියේ නිෂ්පාදිත අධිතාක්ෂණික ඩීප් සීකර් ( DEEP SEEKER) වර්ගයේ භූමි අභ්‍යන්තරය පරික්ෂා කරනු ලබන අධිතාක්ෂණික ස්කෑන් යන්ත්‍ර‍යක් විකිණීම සඳහා සන්තකයේ තබාගෙන සිටි කඩුවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් විය.

මෙම අධිතාක්ෂණික උපකරණ පොලව අභ්‍යන්තරය පරීක්ෂා කිරීම සදහා එනමි නිධන් ⁣සහ වෙනත් වටිනා ද්‍රව්‍ය සෙවීම සදහා භාවිතා කරන අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නවගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

READ:   මෙහෙම ගියොත් මේ රටම ඉන්දියාව ගන්නවා - ඩයනා ගමගේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්