ශ්‍රී ලංකාව සහ අයර්ලන්තයය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය සිරස මාධ්‍ය ජාලය විසින් හිමිකරගෙන ඇත.
එය මාධ්‍ය ලෝකයේ සිදුවෙන විවිධ පුවත් වාර්තා කරන එෆ්.එම් ඇන්ඩ් ටී.වී ශ්‍රී ලංකා ෆේස්බුක් පිටුවේහි මෙලෙස සඳහන් කර තිබුණා.

දෙරට අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.
පළමු තරගය ලබන 16 වැනිදා ආරම්භ වන අතර දෙවන තරගය ලබන 24 වැනිදා ආරම්භ වෙනවා.
තරග දෙකම පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.
අයර්ලන්තය තවමත් ටෙස්ට් වරම් ලබා නොගත් කණ්ඩායමක්.
ඒ අනුව, ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය ටෙස්ට් තරගාවලියකට සහභාගි වන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.


