විශිෂ්ඨ රංගනය වෙනුවෙන් පසුගියදා සම්මානයට පාත්‍ර වූ ජනප්‍රිය නිළි උමාලි තිලකරත්න මහත්මිය එම සම්මානය ලැබීම පිළිබඳව අප සමඟ කතා බහ කළා.
සම්මානයක් ගැනීමේ අදහසින් වැඩ නොකළත් අවංකව වැඩ කිරීමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස තමන්ට සම්මානය හිමි වූ බව ඇය පවසනවා.
යම් කෙනෙක් සම්මානයක් බලාපොරොත්තුවෙන් වුවත් කැපවීමෙන් යුක්තව ඕනෑම ක්ෂෙත්‍රයක වැඩ කරනවා නම් එහි වරදක් නැති බව ඇය පෙන්වා දෙනවා.
රංගනය හා නිර්මාණ කටයුතු හැරුණු විට තවදුරටත් අධ්‍යාපනය හැදෑරීම වෙනුවෙන් මේ දවස්වල තම කාලය යොදවන බව ඇය පැවසුවා.
මේ වන විට හැදෑරීම් කටයුතු සිදු කරන මනෝ චිකිත්සනය හා උපදේශනය පිළිබඳ පුහුණුවෙන් පසු ඉන් සේවයක් කිරීම තම බලාපොරොත්තුව බව ඇය ප්‍රකාශ කළා.
ඇය අදහස් දැක්වූ සම්පූර්ණ විඩියෝව පහතින්,


