Monday, April 27, 2026
Homeදේශීයසරසවි ඇඳුරෝ මහ පාරට බසී (VIDEO)

සරසවි ඇඳුරෝ මහ පාරට බසී (VIDEO)

අසාධාරණ බදු බර අඩු කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මූලික කරගෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් අද (27) උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබුණා.

වෘත්තිකයින්ට විසඳුම් ලබා දෙනවා වෙනුවට වෘත්තිකයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් වැටුප් කප්පාදු කරමින්, ආණ්ඩුව තවදුරටත් අත්තනොමතිකව ක්‍රියාකිරීමට එරෙහිව මෙම විරෝධතාවය පවත්වන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ප්‍රකාශ කළා.

බදු ගැටළුව සම්බන්ධයෙන් රජයේ විශ්වවිද්‍යාල වැඩ වර්ජනයකට පිවිස සති තුනක කාලයක් ගත වූවත් ඒ පිළිබඳව හෝ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව කිසිදු හැගීමක් ආණ්ඩුවට නොමැති බව ඔවුන් ප්‍රකාශ කරනවා.

රුහුණු සරසවියේ සිදුවෙන අකටයුතුකම් සම්බන්ධයෙන් ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙහිදී සිය විරෝධය පළ කර සිටියා.

විස්තර සහිත දර්ශන පහතින්,

READ:   ගාල්ල රත්ගම ප්‍රදේශයේ වෙඩි තැබීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්