Friday, June 5, 2026
Homeදේශීයරට රැකියා සඳහා පුද්ගලයින් 311,269ක් රටින් පිටව ගිහින්

රට රැකියා සඳහා පුද්ගලයින් 311,269ක් රටින් පිටව ගිහින්

ගෙවුණු 2022 වර්ෂය තුළ මෙරට පුද්ගලයන් 311,269 ක් රැකියා සඳහා විදෙස් ගත වී ඇති බව වාර්තා වෙනවා.

මැද පෙරදිග රටවල් සඳහා 84.7%ක්, ආසියානු රටවල් වෙත (දකුණු ආසියාව හැර) 6.3%ක්, යුරෝපීය රටවල් වෙත 4%ක් වශයෙන් මෙරටින් පුද්ගලයින් රැකියා සඳහා පිටව ගොස් තිබෙනවා.

රැකියා අපේක්ෂාවෙන් විදෙස් ගත වීම සඳහා නව විදෙස් ගමන් බලපත්‍ර 911,757 ක් ලබා ගෙන ඇති අතර එලෙස විදෙස්ගත වූ අයගෙන් 40%ක් පුහුණු ශ්‍රමිකයන් ලෙසත් 60% ක් අර්ධ පුහුණු (නිපුනතා අඩු) ශ්‍රමිකයන් ලෙසත් මෙරටින් පිටව ගොස් ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය, ඉදිරිපත් කළ තොරතුරු වල සඳහන් වෙනවා.

READ:   මෙහෙකාර කාන්තාව මියයෑමේ සිද්ධියට වැලිකඩ පොලිසියේ 4කගේ වැඩ තහනම්: විමර්ශන CIDයට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්