Saturday, April 18, 2026
Homeදේශීයශ්‍රි ලංකා ක්‍රිකට් සහ එළඹෙන නවසීලන්ත සංචාරය

ශ්‍රි ලංකා ක්‍රිකට් සහ එළඹෙන නවසීලන්ත සංචාරය

ශ්‍රි ලංකා ක්‍රිකට් සහ එළඹෙන නවසීලන්ත සංචාරයපරාජයේ අමිහිරි වේදනාව තුනීකර ගැනීමට මාස දෙකක හොඳ පුහුණු කාලයක් ඉතිරිව තිබේ. අපට මීළඟට තරඟාවලියක් ඇත්තේ එළඹෙන මාර්තු මාසයේ නවසීලන්තය සමඟයි. මාර්තු 09 වැනිදා සිට ටෙස්ට් තරඟය 02ක් එක්දින තරඟ 03ක් සහ T20 තරඟ 03ක් අපට ලැබී ඇත. තරඟාවලිය අප්‍රේල් 08 වැනිදා දක්වා පැවැත්වේ.මේ තරඟාවලියට සූදානම් වීමට මාස 02ක් තිබේ.

යෝග්‍යතාව උපරීම කණ්ඩායමක් පවත්වාගෙන යෑම බලධාරීන්ගේ වගකීමකි. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයේ තීරණාත්මක තරඟ සංචාරක් බවට මෙය පත් කර ගත හැකිය. මන්ද ෆෝමැට් තුනේම තරඟාවලියක් ලැබීමේ අවස්ථාවෙන් අප උපරීම ප්‍රයෝජනයක් ගත යුතුය. අත්හදා බැලීම් අවම කරගෙන විශ්වාසනීය කණඩායමක් ඉදිරියට පවත්වාගෙන යාමට මෙය හොඳම අඩිතාලම කර ගත යුතුම ය.එමෙන්ම වෙනස් දේශගුණික තත්වයන් යටතේ ක්‍රිඩා කිරීම ගැන අත්දැකීම්, තරුණ යොවුන් ක්‍රීඩකයන්ට ලැබේ.

දසුන් හතරේ සීමාවෙන් මෙපිට ද නායකයෙකුගේ වගකීම් කරට ගත යුතුමය. තරුණ ක්‍රීඩකයන්ට ස්වයං විනය ගැන අභ්‍යාසය ජේෂ්ඨන් විසින් ඔප්පුකර පෙන්විය යුතුය. නවසීලාංකිකයන් ද කලකට පසුව සිය රටට එන ජාතික කණ්ඩායමට ක්‍රිඩාංගනය තුළදීම හැකි උපරීමයෙන් සංග්‍රහ කිරීමට උනන්දු විය යුතුය. අවසාන වශයෙන් දැන් හොඳටම තැලී පොඩිවී සිටින ජයග්‍රහණ මැද පරාජයන් ද අවාසනාව මත වාසනාව ද දක්ෂතාවය මත බුද්ධිය ද ඇඟේ හයිය වෙනුවට හිතේ හයිය ද මතුවන සුබ තරඟ සංචාරයක් වේවා.

Udithamal Hemachandra – udithamal@gmail.com

READ:   රාත්‍රී කාලයේ විවිධ විනෝදාස්වාද ක්‍රියාකාරකම් රටක ආර්ථිකය ඉහළ නැන්වීමට සැලකිය යුතු භූමිකාවක් ඉටුකරනවා - ඩයනා ගමගේ
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්