හිටපු අමාත්‍ය සහ හිටපු ආණ්ඩුකාරවරයකු වන රෙජිනෝල්ඩ් කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
පසුගියදා රැස්වීමක් අතරතුරදී ඇති වු හෘදයාබාධයක් හේතුවෙන් එතුමා රෝහල් ගත කළ අතර කලුතර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එතුමන් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙනවා.
රෙජිනෝල්ඩ් කුරේ මහතා මිය යන විට 74 වන වියෙහි පසුවුණා.


