Thursday, September 10, 2026
Homeදේශීයරජයට බලකරන විරෝධතා පා ගමනක් අද කොළඹින් ආරම්භ වේ

රජයට බලකරන විරෝධතා පා ගමනක් අද කොළඹින් ආරම්භ වේ

මර්දනයට සහ ආර්ථික පීඩනයට එරෙහිව නැගිටිමු – අයිතීන් වෙනුවෙන් සටන්වදිමු, මැයෙන් දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන සහ වෘත්තීය සමිති එක්ව සංවිධානය කර ඇති විශේෂ විරෝධතා පා ගමනක් අද (02) කොළඹ මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ කිරීමට නියමිතයි.

රජයට බලකිරීම සඳහා සංවිධානය කර ඇති මෙම විරෝධතා පා ගමන අද සවස 3.00ට ආරම්භ කරන බව දැනුම්දී ඇති අතර විරෝධතාවය සඳහා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, තරුණ නීතිඥයන්ගේ සංගමය,තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමය, ලංකා ගුරු සංගමය, කම්කරු එක්සත් සම්මේලනය ඇතුළු වෘත්තීය සහ බහුජන සංවිධාන රැසක් සහය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් ද අද පැවැත්වෙන විරෝධතාවය සඳහා එක්වන බව දැනුම් දී තිබුණා.

READ:   දුම්රිය හරස් මාර්ගයක් අද සිට වසා දැමේ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්