අසියා කුසලාන තරගාවලියේ ශ්‍රි ලංකාව සහ බංග්ලාදේශය අතර අද (01 ) පැවැති තරඟයෙන් බංග්ලාදේශය පරදා කඩුළු දෙකක තියුණු ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරඟයේ කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩාටමට පන්දුවට පහරදීමට ආරාධනා කළා.
ඒ අනුව පළමුවෙන් ක්‍රීඩා කළ බංග්ලාදේශය කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 183 ක් රැස් කිරීමට සමත් වුණා.
බංග්ලාදේශය වෙනුවෙන් Hasan Miraz ලකුණු 38 ක් සහ Afif Hossain ලකුණු 29 ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග සහ චාමික කරුණාරත්න කඩුළු 2 ක් බැගින් බිදහෙලිමට සමත් වු අතර දිල්ෂාන් මුදුෂංක, අසිත ප්‍රනාන්දු සහ මහේෂ් තීක්ෂණ කඩුලු 1 බැගින් ලබා ගැනීමට සමත් වුණා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 8 ක් දැවි 19 වන පන්දුවාරයේ දී තරඟයේ ජයග්‍රහහි ඉලක්කය පසුකර ගියා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී,
කුසල් මෙන්ඩිස් ලකුණු 60 ක්
ක්පැතුම් නිස්සංක ලකුණු 20 ක්
දසුන් ශානක ලකුණු 45 ක් ( නායක )
චාමික කරුණාරත්න ලකුණු 16 ක්
වශයෙන් ලබාගත්තා.
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගිය අසිත ප්‍රනාන්දු ලකුණු 10 ක් රැස් කළා.
මෙම තරඟයේ ජයග්‍රහණය සමඟ ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියේ කණ්ඩායම් හතර තරඟවටය සඳහා සුදුසුකම් ලැබුවා.








