Sunday, July 26, 2026
Homeදේශීයඔස්ට්‍රියාවෙන් ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක්

ඔස්ට්‍රියාවෙන් ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක්

ඔස්ට්‍රියා රජය විසින් රුපියල් මිලියන 04ක් වටිනා අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකා රජය වෙත පසුගියදා පරිත්‍යාග කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන්  කරනවා.

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 27ක් අඩංගු මෙම තොගය ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා වෙත ඔස්ට්‍රියා රජය විසින් භාර දී ඇති බව වාර්තා වන්නේ. මෙම ඖෂධ පරිත්‍යාගය ශ්‍රී ලංකාවට කඩිනමින් අවශ්‍ය ඖෂධ සඳහා ශ්‍රී ලංකා රජය විසින් විදේශ රටවලට කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ඔස්ට්‍රියා රජය විසින් කරන ලද පරිත්‍යාගයක් වනවා.

ඖෂධ තොගය භාර ගනිමින් ඔස්ට්‍රියානු රජය විසින් කරන ලද මිත්‍රත්වයේ සහ සුහදතාවයේ මෙම අභිනය සඳහා මහ කොමසාරිස් මොරගොඩ මහතා සිය කෘතඥතාව පළ පළ කර තිබෙනවා.

READ:   මහජන සාමය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව කැඳවීමට ගැසට් නිවේදනයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්