Thursday, September 10, 2026
Homeදේශීයගල්කිස්ස උසාවියේ වෙඩි තැබීමක්

ගල්කිස්ස උසාවියේ වෙඩි තැබීමක්

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී අද(04) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ අධිකරණයේ විත්තිකූඩුවේ සිටි පුද්ගලයෙකුට එසේ වෙඩිතබා ඇති බවය.

වෙඩි තැබීමෙන් අනතුරුව වෙඩික්කරු එම ස්ථානයෙන් පළාගොස් ඇත.

කෙසේ වෙතත්, වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
-දිනමිණ වාර්තාවකි

READ:   අට දෙනෙකුට මරණ දඬුවම! දශක 2ක් ඇදුණු ඝාතන නඩුවේ අවසන් තීන්දුව මෙන්න.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්