Wednesday, July 22, 2026
Homeදේශීයතවත් ඩීසල් නෞකාවක් පැමිණීමට නියමිතයි

තවත් ඩීසල් නෞකාවක් පැමිණීමට නියමිතයි

ඊයේ (02) තවත් ඩීසල් නෞකාවක් සඳහා මුදල් ගෙවූ බවත් එහි ගොඩබෑම් කටයුතු අද (03) ආරම්භ කරන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. තවත් පෙට්‍රල් හා ඩීසල් නෞකාවන් දෙකක් සඳහා අවශ්‍ය අත්තිකාරම් මුදල් මේ වන විටත් ගෙවා ඇති බවත් ගුවන් යාන සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා ඛනිජ තෙල් සංස්ථාව විසින් ඇතිකරගෙන ඇති වසරක එකඟතා ගිවිසුමට අනුව එහි පළමු ඉන්ධන තොගය මෙ මස 12 සහ 14 යන දිනයන්හී දී මෙරටට පැමිණීමට නියමිත බවත් බලශක්ති අමාත්‍යවරයා ටුවිටර් පණිවිඩයක් තබමින් වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

READ:   දළදා පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්