Saturday, September 12, 2026
Homeදේශීයබෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතයක්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතයක්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් බවට පත්වී හෙට(21) දිනයේ සුළි කුණාටු තත්වයක් බවට පත්වනු ඇති බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් හටගනු ඇත.

මඩකලපුව සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්‍ෂා කෙරේ.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකිය. එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
-දිනමිණ

READ:   BREAKING: වරකාපොල බිහිසුණු අනතුරක්: එකම පවුලේ මව පියා සහ පුතා මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්