Wednesday, April 15, 2026
Homeදේශීයපළාත්සභා මැතිවරණය පැවැත්වීමේ කිසිඳු සූදානමක් නැහැ - අමාත්‍ය උදය ගම්මන්පිල

පළාත්සභා මැතිවරණය පැවැත්වීමේ කිසිඳු සූදානමක් නැහැ – අමාත්‍ය උදය ගම්මන්පිල

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධව කිසිදු සාකච්ඡාවක් සිදුව නොමැති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා කියා සිටී.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සහන පැකේජ ලබා දීම සිදු කරන්නේ ළඟ එන මැතිවරණයක ඉඟියක් ලෙසද යන්න මාධ්‍යවේදියෙකු විසින් නඟන ලද පැනයකට පිළිතුරු වශයෙනි.

එමෙන්ම පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට කිසිඳු රටකින් බලකිරීමක් සිදු ව නොමැති බවත් එවැනි බලපෑම්වලට යටවීමේ සංස්කෘතියක් නොමැති බවත්, අවධාරණය කළ අමාත්‍යවරයා, ලබා දුන් මෙම සහන මල්ලේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ, ජනතාවට සහන ලබා දීම බවද අමාත්‍යවරයා කියා සිටියේ ය

READ:   සෝමාවතී පුදබිම ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද ඉර මුදුන් වෙයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්