Thursday, September 10, 2026
Homeදේශීයරිජ්වේ ළමා රෝහලේ කොවිඩ් දරුවන් 200ක්: ICU උපරිම ධාරිතාවට

රිජ්වේ ළමා රෝහලේ කොවිඩ් දරුවන් 200ක්: ICU උපරිම ධාරිතාවට

රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වන විට කොරෝනා ආසාදිත දරුවන් 200 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබමින් සිටින බව එහි ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය නලින් සී. කිතුල්වත්ත මහතා පවසයි.

විශේෂඥ වෛද්‍ය නලින් සී. කිතුලවත්ත මහතා සඳහන් කළේ, එම රෝහලේ කොරෝනා ආසාදිත දරුවන් සඳහා දැඩි සත්කාර ඒකක පහසුකම් ඇත්තේ, දරුවන් 6 දෙනෙකු සඳහා පමණක් වුවත් මේ වනවිට දරුවන් 7 දෙනෙකු ප්‍රතිකාර කරන බව ය.

මේ අතර මේ දක්වා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත දරුවන් 14 දෙනෙකු මිය ගොස් ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා කියා සිටියේ ය.

READ:   චිත්‍රපටි බලන්න හෝල් එකට යනවා නම් ෆෝන් ගෙනියෑම තහනම් - ජයන්ත චන්ද්‍රසිරි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්