Monday, July 27, 2026
Homeදේශීයහම්බෙගමුවේදී ත්‍රිරෝද අනතුරකින් දෙදෙනෙකු මරුට

හම්බෙගමුවේදී ත්‍රිරෝද අනතුරකින් දෙදෙනෙකු මරුට

හම්බෙගමුව, මයිලවල ප්‍රදේශයේදී සිදුවූ ත්‍රීරෝද රථ අනතුරකින් පිරිමි ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, කොටවෙහෙරමංකඩ සහ හම්බෙගමුව ප්‍රදේශවල පදිංචි අවුරුදු 16 සහ 17 වයස්වල පසුවන පිරිමි ළමුන් දෙදෙනෙකි.

ඊයේ වේලිඔය – තණමල්විල මාර්ගයේ, මයිලවල ප්‍රදේශයේදී වේලිඔය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියැදුරාට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී මෙම අනතුර සිදුවී තිබේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු සහ පිටුපස ගමන් කළ ළමුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා හම්බෙගමුව රෝහලට ඇතුළත් කර ඇත.

පසුව ළමුන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදි ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. 

READ:   කහටගස්දිගිය ප්‍රදේශයේ සත්ව දඩයමේ ගිය 14 දෙනෙකු අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්