Wednesday, July 22, 2026
Homeදේශීයසයිනොෆාම් මාත්‍රා මි.9ක් හා ෆයිසර් මාත්‍රා මි.14ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

සයිනොෆාම් මාත්‍රා මි.9ක් හා ෆයිසර් මාත්‍රා මි.14ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 9ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ් වසංගතයේ බලපෑම අවම කිරීම සඳහා වයස අවුරුදු 18 වැඩි සියලු පුද්ගලයින්ට 2021 සැප්තැම්බර් 30 වනදා වනවිට එන්නත් ලබා දීම සඳහායි.

ඒ් සඳහා වන එන්නත් අවශ්‍යතාව සඳහා සාකච්ඡා සම්මුති කමිටුව විසින් සාකච්ඡා කොට තීරණය කරන ලද ඒ්කක මිල යටතේ මෙම එන්නත් තොග මිලදී ගනු ඇති.

අගෝස්තු 09 වනදා වන විට එන්නත් මාත්‍රා මිලියන 19.49ක් මෙරටට ලැබී ඇති අතර ඉන් මාත්‍රා මිලියන 11.26 ක් පළමු මාත්‍රාව වශයනේ ද මාත්‍රා මිලියන 3.25 ක් දෙවන මාත්‍රාව වශයෙන් ද එන්නත්කරණය සඳහා යොදා ගෙන ඇත.

READ:   පිදිය යුතු උගතෙකුගේ, සේවාවේ විශිෂ්ටත්වය ඇගයීමට.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්