Sunday, June 14, 2026
Homeදේශීයපළාත් සභා පෙර පරිදිම පවත්වාගෙන යා යුතුයි

පළාත් සභා පෙර පරිදිම පවත්වාගෙන යා යුතුයි

පළාත් සභා ආරම්භයේ සිට මේ දක්වා පවත්වා ගෙන ආ ආකාරයටම කිසිදු වෙනසකට ලක් නොකර එලෙසින්ම පවත්වාගෙන යා යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ජනතාවට විධිමත් ආකාරයේ සේවාවක් කිරීම සඳහා අවශ්‍යය මුදල් ප්‍රතිපාදන ලබාදී එහි ව්‍යුහය පමණක් ශක්තිමත් කළ යුතුව තිබෙන බවද ඒ මහතා කීය.

මහනුවරදී පෙරේදා (09) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේය.

පුනරාවර්තන වියදම්වලට පමණක් මුදල් දී ප්‍රාග්ධන සංවර්ධන වැඩවලට ප්‍රමාණවත් මුදල් වෙන් කිරීමක් නොකරන විට පළාත් සභා අසාර්ථකයි කියා ඕනෑම කෙනකුට බොහොම ලෙහෙසියෙන් පැවසිය හැකි බවත් එසේ සිදු නොවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසුවේය.

පළාත් සභා කාර්යක්ෂම කිරීමට එහි ව්‍යුහය වෙනස් කළ යුතුව තිබෙන බවද හෙතෙම අවධාරණය කළේය.

READ:   18ට අඩු අයට පමණයි.
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්