‘රොහාන් වැලිවිට’ මහතා, අග්‍රාමාත්‍ය ලේකම් ‘ගාමිණී සෙනරත්’ මහතා අතින්, ඊයේ(18වනදා) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය..
**’ස්වාධීන රූපවාහිනී’ සේවයේ වැඩසටහන් කළමණාකාර, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරයේ කටයුතු කරනු ලැබූ ප්‍රවීන මාධ්‍යවේදී ‘රොහාන් වැලිවිට’ මහතා 2000වර්ෂයේ දී ඉන් ඉවත්ව, අග්‍රාමාත්‍ය ‘මහින්ද රාජපක්ෂ’ මහතාගේ ‘මාධ්‍ය උපදේශක’ ධූරයට පත්විය..
**අග්‍රාමාත්‍ය ‘මහින්ද රාජපක්ෂ’ මහතා 2000වර්ෂයේ දී, ‘ධීවර’ අමාත්‍යවරයාව සිටි සමයේ, එතුමාගේ ‘මාධ්‍ය උපදේශක’ ලෙස කටයුතු කරනු ලැබූ ‘රොහාන් වැලිවිට’ මහතා, මහින්ද රාජපක්ෂ මහතා පළමුවර ‘විපක්ෂ නායක’ ධූරය දරන කාලයේදී ද එතුමාගේ ‘මාධ්‍ය ලේකම්වරයා’ ලෙස කටයුතු කළේය..
**2019 වර්ෂයේ පත් වූ නව රජය යටතේ, අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානීගේ මාධ්‍ය ලේකම් ධූරය ද ‘රොහාන් වැලිවිට’ මහතා හෙබවීය..
තවද, ‘ජාතික චිත්‍රපට සංස්ථාවේ’ #සභාපතිවරයා ලෙසද ඔහු කටයුතු කළේය..
**චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයකු මෙන්ම ගත්කතුවරයෙකු ද වන ‘රොහාන් වැලිවිට’ මහතා පන්නිපිටිය, ධර්මපාල විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි…



