Sunday, April 19, 2026
Homeදේශීයහිටපු ජනපති ලඟදීම ලංකාවට එනවා - සාගර කාරියවසම්

හිටපු ජනපති ලඟදීම ලංකාවට එනවා – සාගර කාරියවසම්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉතාම නුදුරු දිනකදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මෙරටින් පිටත්වීමේදී සුන්දර පරිසරයක් නොතිබුණු බවත් එතුමන් නැවත මෙරටට පැමිණෙනවා නම් හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂාව සහ හිටපු ජනාධිපතිවරයෙකුට සැපයෙන පහසුකම් සපයා දිය යුතු බවත් මහලේකම්වරයා පවසනවා.

එම අවශ්‍ය කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බවත් හිටපු ජනාධිපතිවරයා නුදුරු දිනයකදී ලංකාවට පැමිණීම බලාපොරොත්තු වන බවත් සාගර කාරියවසම් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

READ:   ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන්නැයි ලිපියක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්