Sunday, September 20, 2026
Homeදේශීයහාල් සමීර අත්අඩංගුවට

හාල් සමීර අත්අඩංගුවට

අපරාධ කල්ලි සමාජීකයෙකු වන හාල් සමීර නොහොත් වර්ණකුලසූරිය ක්‍රිස්ටේබුගේ සමීර සම්පත් ප්‍රනාන්දු ගිණි අවි සහ උණ්ඩ කිහිපයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්තඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (22) මිනුවන්ගොඩ ප්‍රාදේශය තුළ කළ මෙහෙයුමකදී මොහු අත්අඩංගුවට පත් වූ බවයි පොලිසිය පැවසුවේ.

මිගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 ක පුද්ගලයෙකු වන මොහු දිවයින පුරා සහල් නිශ්පාදකයන්ගෙන් සහල් එක්රැස් කර ඒ සඳහා අගරු චෙක්පත් නිකුත් කරමින් වංචනික ලෙස සහල් ජාවාරම් සිදු කළ පුද්ගලයෙකු වන බවත් නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කිහිපවරක් බන්ධනාගාර ගතව සිටි පුද්ගලයෙකු වන බවත් පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

READ:   ජෝසප් ස්ටාලින් අද අධිකරණයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්