Friday, September 11, 2026
Homeදේශීයඅද කාලගුණය

අද කාලගුණය


අද බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම, ඌව නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් දක්නට ලැබෙන බවත් කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු වලින් ඇතිවෙන අනතුරු අවම කර ගැනීම සඳහා පියවර ගන්නා ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියා.

READ:   අද ගොළු බිහිරි අයටත් අබාධිත රණවිරුවන්ටත් ගැහුවා
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්