Thursday, September 10, 2026
Homeදේශීයමිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලැබෙනවාද යන්න සොයාබැලේ

මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලැබෙනවාද යන්න සොයාබැලේ

විවෘත ගිණුම් හරහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සිදු කිරීම නිසා ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩවල යම් මිල අඩුවීමක් සිදු කර ඇති බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

මෙම මිල අඩුවීමේ සහනය පාරිභෝගිකයාට ලැබෙනවාද යන්න සොයා බැලීම සඳහා දිවයින පුරා වැටලීම් සිදු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. ඒ අනුව සුපිරි වෙළඳසැල් සහ සිල්ලර වෙළඳසැල් ආශ්‍රිතව කඩිනමින් මෙම වැටලීම් ක්‍රියාත්මක කිරීම සඳහා පාරිභෝගික අධිකාරිය දැනුවත් කළ බව වෙළඳ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

READ:   හදිසි නීතිය දීර්ඝ නොකරන බව ජනපති කියයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්