Thursday, May 14, 2026
Homeදේශීයපක්ෂ නියෝජිතයන් මැතිවරණ කොමිසමට කැඳවයි

පක්ෂ නියෝජිතයන් මැතිවරණ කොමිසමට කැඳවයි

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නියෝජිතයන් මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවීමට තීරණය කර තිබෙනවා. මැතිවරණ නීති ප්‍රතිසංස්කරණයන් පිළිබඳ පාර්ලිමේන්තුවේ විශේෂ සභාව විසින් යෝජනා කර ඇති මැතිවරණ ක්‍රමයේ සිදුවිය යුතු සංශෝධනයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙලෙස කැඳවීමක් සිදු කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා ප්‍රකාශ කර සිටියා.

අද දින (08) පැවැත්වෙන මෙම සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන නියෝජිතයන් සහ සිවිල් සංවිධාන අතර මැතිවරණ සංශෝධනයන් පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත වන බවයි කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

READ:   පානීය ජල අවශ්‍යතාව වෙනුවෙන් හදිසි තත්ත්වයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්