හදිසි නීතිය ඇතුළුව රටක නීතිය ශක්තිමත්ව ගෙන යා යුත්තේ මහජනතාවගේ ආරක්ෂාව සඳහා වන බවත් එහෙත් අද නීතිය භාවිත වන්නේ ජනතාව මර්දනය කරමින් පාළකයාට ආරකෂා වීම සඳහා බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
භාෂණය , අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය දියුණු ලෝකය පිළිගන්නා ප්‍රජාතන්ත්‍රවාදී කාරණා වුවද මෙරට වත්මන් පාළකයන් තරුණයන්ගේ අදහස් බලාපොරොත්තු යටපත් කර සිය පාලනය ගෙන යෑමට උත්සහගැනීම කණගාටුවට කරුණක් වන බව එතුමන් පවසනවා. ඉන්ධන, විදුලිය, පාසැල්, රාජ්‍ය සේවය, ප්‍රවාහනය ආදී සියල්ල ඇණහිටමින් ජනතාව පීඩාවට පීඩනයට පත් වීම නිසා ජනතාව පාරට බැස්ස බවත් එලෙස එලියට පැමිණි ජනතාව ත්‍රස්තවාදීන් ලෙස පාලකයන් විසින් නම් කිරීම වැරදි බවත් එතුමා පෙන්වා දෙනවා.
රට පාලනය කිරීමට යැයි පැමිණී අය තව තවත් ණය ගන්න බලනවා හැර ඒ ගන්න ණය ගෙවන්නේ කොහෙමද, යන්න පිළිබඳවත් සැලැස්මක් දැක්මක් ඔවුන්ට නොමැති බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තු තුළ දී අවධාරණය කර සිටියා. මහජනතාව දූශිත පාළකයන් පිටු දකිමින් ඔවුන් ප්‍රතික්ෂේප කර තියෙද්දී රාජපක්ෂවරු විසින් ඔවුන්ගේ ඉත්තෙක් යොදා රට පාළනය කිරීම නිවැරදි නොවන බවත් වර්තමාන ජනාධිපති යනු ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙකු බවත් එතුමන් පවසනවා. ඒ නිසා ඔහු හමුදාව සහ පොලීසිය යොදා ගනිමින් ජනතාව මර්දනය කිරීමට උත්සහගන්නා බවත් වත්මන් ජනාධිපතිවරයාගේ අදහස නිවැරදි එකක් නොවන බවත් එතුමා පවසනවා.
සමස්ත අරගලය ඇත්තේ ගාලුමුවදොර පමණක් නොව රටේ මිලියන 22 ක් වන ජනතාව තුළ බව පවසන එතුමා හමුදාව පොලිසිය ඇතුළු ආරක්ෂක අංශයන්ගේ 95% ක් සිටින්නේ ජනතා අරගලයේ බව අවධාරණය කර සිටියා.


