Wednesday, June 10, 2026
HomeදේශීයQ.R තවත් කල් යයි

Q.R තවත් කල් යයි

ඉන්ධන ලබාදීමේ නව ව්‍යාපෘතියක් ලෙස Q.R ඛේත කියවීමෙන් ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදය බලශක්ති අමාත්‍යංශය විසින් හදුන්වා දෙනු ලැබුවා. කොළඹ නගරය ආසන්න ඉන්ධන හල් කිහිපයක හා දිවයින පුරා ස්ථාන රැසක දී මෙම ක්‍රමවේදය නියමු ව්‍යාපෘතියක් ලෙස සාර්ථකව අත්හදා බැලූ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කර සිටියා. බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටි පරදි අද (25 ) දින සිට දිවයින පුරා Q.R ක්‍රමවේදය ආරම්භ කිරීමට නියමිතව වූ අතර එහෙත් තවත් දින කිහිපයක් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පරීක්ෂණයන් පැවැත්වීමට නියමිත වන බවයි වාර්තා වන්නේ. ඉන් අනතුරුව දිවයින පුරා Q.R ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියමිත වන බවයි බලශක්ති අමාත්‍යංශය සඳහන් කර සිටියේ.

READ:   තෝරූ මෝරූ අල්ලන් නෑනේ.. ජනතාව පොලිසියට නගන චෝදනාවට දේශබන්දු ගෙන් පිළිතුරු
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්