Saturday, July 25, 2026
Homeදේශීයවහාම වත්කම් බැරකම් ප්‍රසිද්ධ කරන්න

වහාම වත්කම් බැරකම් ප්‍රසිද්ධ කරන්න


     අභිනව ජනාධිපති ධූරය සඳහා තරඟ කරන සියලුම අපේක්ෂිකයන් විසින් තම වත්කම් හා බැරකම් ප්‍රසිද්ධ කළ යුතු බව ට්‍රාන්ස්පේරන්සී ඉන්ටර්නැෂනල් ශ්‍රි ලංකා ආයතනය විසින් ඉල්ලීමක්  කර සිටිනවා. තම විනිවිදභාවය පිලිබඳව සලකා එ සඳහා කටයුතු කරන ලෙස ප්‍රකාශ කරනවා.


තවදුරටත් ශ්‍රි ලාංකික ජනතාව දූශිත පාලකයන් පිලිනොගන්නා බවට පැහැදිලි පණිවිඩයක් ලබා  දී ඇති මෙවැනි අවස්ථාවක තම විනිවිදභාවය, වගවීම සඳහා වන කැපවීම ජනතාවට පෙන්වීමට නම් වත්කම් හා බැරකම් ප්‍රසිද්ධ කිරීම අනිවාර්ය කාරණයක් බව සමාගම පෙන්වා දෙනවා. 


පිරිසිදු දේශපාලන සංස්කෘතියක් හා පිරිසිදු ශ්‍රි ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් ජනතාව කරන මෙම සාධාරණ  ඉල්ලීමට අවධානය යොමුකරන ලෙස ට්‍රාන්ස්පේරන්සී ඉන්ටර්නැෂනල් සමාගම අනුප්‍රාප්තික ජනපති ධූරය සඳහා ඉදිරිපත් වන සියලු අපේක්ෂකයන් හට අවධාරණය කර සිටිනවා.

READ:   ඊයේ කොවිඩ් මරණ 5 ක් වාර්තා වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්