Tuesday, August 4, 2026
Homeදේශීයකොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළට – ජල ක්‍රීඩා සහ නාවික කටයුතු තාවකාලිකව...

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළට – ජල ක්‍රීඩා සහ නාවික කටයුතු තාවකාලිකව නවතයි

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක කටයුතු තාවකාලිකව නතර කිරීමට මහවැලි අධිකාරිය පියවර ගෙන තිබේ.

කොත්මලේ මහවැලි අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරු කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, ජලාශයේ ජල මට්ටම පහළ යාමත් සමඟ ජලයේ පවතින අනාරක්ෂිත තත්ත්වයන් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව, අද (03) පස්වරු 3.00 සිට නැවත දැනුම්දෙන තුරු කොත්මලේ ජලාශය ආශ්‍රිතව ජල ක්‍රීඩා, බෝට්ටු සහ නාවික කටයුතු ඇතුළු සියලු විනෝදාත්මක ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවීමට නියමිතය.

මේ අතර, කොත්මලේ ජලාශයේ ජල මට්ටම අඩුවීමත් සමඟ ජලාශයේ ඇතැම් ස්ථානවල අනාරක්ෂිත තත්ත්වයන් මතුවිය හැකි බැවින්, ජලාශය වෙත පැමිණෙන ජනතාව ආරක්ෂිත උපදෙස් පිළිපදින ලෙසද මහවැලි අධිකාරිය ඉල්ලා සිටී.

ජලාශය ආශ්‍රිතව ජල ක්‍රීඩා සහ නාවික කටයුතු සිදුකරන ආයතන, සංවිධාන සහ පුද්ගලයින් මෙම දැනුම්දීම පිළිපදිමින් කටයුතු කළ යුතු බවද එම නිවේදනයේ සඳහන් වේ.

මෙම තාවකාලික සීමා පැනවීම 2026 අගෝස්තු 03 වැනි දින පස්වරු 1.00 සිට ක්‍රියාත්මක බව මහවැලි අධිකාරිය වැඩිදුරටත් දැනුම් දී ඇත.

READ:   අතුරුදහන් වූ පේරාදෙණිය සරසවි සිසුවාගේ මළ සිරුර සොයාගැනේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්