Sunday, July 19, 2026
Homeදේශීයහවුස් ඔෆ් ෆැෂන් හිමිකරු ප්‍රීති ජයවර්ධන රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු ප්‍රීති ජයවර්ධන රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

රේගු විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණ නියෝගයක්

හවුස් ඔෆ් ෆැෂන් නිමි ඇඳුම් ජාලයේ හිමිකරු සහ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රීති ජයවර්ධන මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

ශ්‍රී ලංකා රේගුව විසින් සිදුකරන ලද විශේෂ විමර්ශනයකට අදාළව ප්‍රීති ජයවර්ධන මහතා අත්අඩංගුවට ගෙන ඇති අතර, එය රේගු තක්සේරු කිරීමේ ගැටලුවක් සම්බන්ධ සිද්ධියක් බව වාර්තා වේ.

අත්අඩංගුවට ගැනීමෙන් පසු රේගු නිලධාරීන්ගේ භාරයේ සිටියදී ඔහුට හෘදය ආශ්‍රිත රෝගී තත්ත්වයක් ඇතිව ඇති අතර, පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රෝහල වෙත පැමිණ සැකකරු පරීක්ෂා කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගය ලබා දී ඇති බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ශ්‍රී ලංකා රේගුව විසින් සිදුකරමින් පවතී.

READ:   ප්‍රදේශ කිහිපයකට අද තද සුළං සහ වැසි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්