Tuesday, June 30, 2026
Homeදේශීයහරක් කටා­ගෙන් සල්ලි ගත් පිරිස් පසු­පස පොලිස් ඇස:දේශ­පා­ල­න­ඥ­යන්-නීති­ඥ­යන් පොලිස් ලොක්කන් කෝටි ගණන්...

හරක් කටා­ගෙන් සල්ලි ගත් පිරිස් පසු­පස පොලිස් ඇස:දේශ­පා­ල­න­ඥ­යන්-නීති­ඥ­යන් පොලිස් ලොක්කන් කෝටි ගණන් අරන්..

නඳුන් චින්තක වික්‍ර­ම­රත්න නොහොත් ‘හරක් කටාගෙන් රුපි­යල් කෝටි ගණ­නින් මුදල් ලබා­ගත් දේශ­පා­ල­න­ඥ­යන්, නීති­ඥ­වරු, පොලී­සියේ ඉහළ නිල­ධා­රීන් ඇතුළු විශාල පිරි­සක් කොටු­කර ගැනී­මට මේ වන විට විම­ර්ශන ආරම්භ කර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව විසින් කරනු ලබන එම විම­ර්ශ­නය සඳහා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වෙන් ද සහය ලැබෙනු ඇති බව ආරං­චි­මාර්ග සඳ­හන් කළේය.

ඒ අනුව ඉදි­රි­යේදී හරක් කටා­ගෙන් ඒ සම්බ­න්ධ­යෙන් දීර්ඝ ප්‍රකා­ශ­යක් ලබා ගැනී­මට ද නිය­මි­තව ඇත. ඒ ඔහු විටින් විට දේශ­පා­ල­න­ඥ­යන් සහ පොලී­සියේ හිටපු ඉහළ නිල­ධා­රීන්ගේ නම් පවසා ඇති බැවින්, ඒ ගැන සවි­ස්තර තොර­තුරු ද දැන­ගැ­නීමේ අපේ­ක්ෂාව ඇති­වය.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව තුළ හරක් කටා රඳවා සිටි කාල­යේදී එකල එහි ප්‍රධා­නීන් ලෙස සේවය කළ ඉහළ පොලිස් නිල­ධා­රීන් කිහි­ප­දෙ­නෙක් ඔහු­ගෙන් මුදල් ලබා­ගෙන ඇති බව කියැ­වෙන බවත්, ඒ ගැන ද මේ වන විට සොයා බල­මින් ඇති බවත් පොලිස් ආරං­චි­මාර්ග සඳ­හන් කළේය.

එම නිල­ධා­රීන් කිසි­ව­කුත් දැන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නොමැති බවත්, එක් උසස් නිල­ධා­රි­ය­කුගේ පවුලේ මළ­ගෙ­ද­ර­කට මුළු­ම­නින්ම හරක් කටා විසින් විය­දම් කළ බව කියන සිදු­වී­මක් ගැන ද සොයා බල­මින් සිටින බව සඳ­හන්ය.

හරක් කටා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ රඳවා සිටි­යදී ඔහු­ගෙන් ජීවත් වූ පොලී­සියේ සහ දේශ­පා­ල­න­ඥ­යන් පිරි­සක් සිට ඇති බවත්, ඒ සම්බ­න්ධ­යෙන් විරෝ­ධය පෑ පොලිස් නිල­ධා­රීන්ට අඩ­න්තේ­ට්ටම් පවා සිදුව ඇති බවත් පොලිස් තොර­තුරු සඳ­හන් කළේය.

ගයාන් කුමාර වීර­සිංහ

උපුටාගැනීම: දිනමිණ

READ:   මාර්ක් සකර්බර්ගේ අලුත්ම සමාජ මාධ්‍ය යෙදවුම එළිදක්වයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්