Thursday, June 18, 2026
Homeදේශීයපූනාගල, කබරගල වතුයායේ නායයෑම්වලින් විපතට පත් වූ ජනතාවට නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය අවසන්...

පූනාගල, කබරගල වතුයායේ නායයෑම්වලින් විපතට පත් වූ ජනතාවට නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය අවසන් අදියරේ.

රුපියල් ලක්ෂ 2000ක ඇස්තමේන්තු ගත පිරිවැයක්

2023 වර්ෂයේ නායයාම හේතුවෙන් පූනාගල කබරගල ප්‍රදේශයේ සිය නිවාස අහිමි වූවන් සඳහා පූනාගල ප්‍රදේශයේ ඉදිකෙරෙන නව නිවාස ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඊයේ දින(17) බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතාගේ සහ වැවිලි ප්‍රජා වතු යටිතල පහසුකම් අමාත්‍යංශයේ අතිරේක ලේකම් විජය කිර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් කබරගල නිවාස ව්‍යාපෘති භූමියේදී සිදු කෙරිණ.

file

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පූනාගල කබරගල ප්‍රදේශයේ 2023 වර්ෂයේ සිදු වූ නායයාම හේතුවෙන් සිය නිවාස අහිමි වූ පවුල් 50 වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර වැවිලි ප්‍රජා වතු යටිතල පහසුකම් පිළිබද අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ පුර්ණ මගපෙන්වීම මත ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

file

නිවාස ඉදි කිරීම සදහා ශ්‍රීලංකා යුධ හමුදාව ශ්‍රම දායකත්වය සපයයි.

file

2025 වසරේ මාර්තු මස 15 වනදින නිවාස ඉදි කිරීම සදහා මුල්ගල් තැබූ මෙම ව්‍යපෘතියේ නිවාස ඉදිකිරිම අවසන් අදියරේ පවතින අතර මේ සදහා ඇස්තමේන්තු ගත පිරිවැය රුපියල් මිලියන 200 කි. මෙම ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදී නිවාස ඉදිකිරීමේ ප්‍රගතිය, මාර්ග ඉදිකිරීමේ ප්‍රගතිය ජලය සහ ජලනල ඉදි කිරීමේ ප්‍රගතිය විදුලිය ලබාදීම,පැතිබැමි සහ කාණු සකස් කිරීමේ ප්‍රගතිය ඔප්පු සකස් කිරීම ප්‍රතිලාභීන් නිවාස වලට හුරු කිරීම පිලිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බදුන් විය.

file

මෙම අවස්ථාවට නව ගම්මාන අධිකාරියේ සභාපති, බදුල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් චමින්ද වීරසිංහ මහතා, හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් අරෝෂ් රත්නායක මහතා,යුධ හමුදාවේ කර්නල් සුසන්ත පෙරේරා මහතා, වැවිලි ප්‍රජා වතු යටිතල පහසුකම් අමාත්‍යංශයේ නිලධාරීන්, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ.හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්,ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය ප්‍රතිලාභී ජනතාව ඇතුළු පිරිසක් සහභාගී වුහ .

file
file

:බදුල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

READ:   IMF සමඟ එකඟතාවය කල් යයි - රනිල් වික්‍රමසිංහ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්