Monday, September 14, 2026
Homeදේශීයනව ජාතික බුද්ධි ප්‍රධානී සිය ධුරයේ වැඩ අරඹයි

නව ජාතික බුද්ධි ප්‍රධානී සිය ධුරයේ වැඩ අරඹයි

අභිනවයෙන් පත් වූ ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබෙනවා.

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අතින් ඊයේ (01) මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) මහතා සිය පත්වීම් ලිපිය ලබා ගත්තා.

ඉන් අනතුරුව ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ සිය කාර්යාලයේදී නව පත්වීමෙහි රාජකාරී ආරම්භ කළ බව සඳහන්.

ජාතික බුද්ධි අංශ ප්‍රධානි ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මහතා විශ්‍රාම ගැනීමෙන් අනතුරුව පුරප්පාඩු වු ජාතික බුද්ධි ප්‍රධානී ධුරය සඳහා මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) මහතාව මෙලෙස පත්කර තිබෙනවා.

READ:   සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගය අද විවාදයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්