Wednesday, September 16, 2026
Homeදේශීයප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක්

ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක්

පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණිය පිටාර මට්ටමට පැමිණ තිබෙනවා.

මේ හේතුවෙන් ඉදිරි පැය 48 දක්වා කාලය තුළ බුලත්සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

මේ අතර අත්තනගලු ඔය ද්‍රෝණියේ ජල මට්ටම ද ඉදිරි පැය 48 දක්වා වූ කාලයේ ඉහළ යාමත් සමග දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත්බිම් ගංවතුර අවදානමට ලක්ව තිබෙනවා.

READ:   වෑන් රථයක් පොලිස් නිලධාරියෙකු යට කර පළා යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්