Wednesday, September 16, 2026
Homeදේශීයවිශේෂ මෙහෙයුමෙන් පාතාල කල්ලි සාමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට

විශේෂ මෙහෙයුමෙන් පාතාල කල්ලි සාමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට

ඉකුත් 19 වනදා සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙසෙල්වත්ත දිනුක යන අයගේ කල්ලියේ සාමාජිකයෙකු වන සර්ෆන්ටයින් පාර, බොරැල්ල කොළඹ 08 ලිපිනයේ පදිංචිව සිටි සැකකරුවකු සංවිධානාත්මක අපරාධ මැඩලීමේ විශේෂ කණ්ඩායම විසින් හෙරොයින් මත්ද්‍රව්‍ය 6550mg සමග අත්අඩංගුවට ගෙන CCD වෙත ඉදිරිපත් කර තිබෙනවා.

කංජිපාන ඉම්රාන්ගේ කංඩායමේ ජුම්මා මස්ජිත් පාර, මාලිගාවත්ත ලිපිනයේ පදිංචි අහමඩ් ජිෆ්රි අහමඩ් රිස්වාන් නොහොත් (ගෝඩා රිස්වාන්) යන අය ද එදින හෙරොයින් මිලි ග්‍රෑම් 6400 ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා.

එමෙන්ම, පුකුඩි කන්නාගේ ගෝලයකු වන සුසන්ත යන අය කජිමා වත්ත ක්‍රීඩාංගනය අසලදි අයිස් මත්ද්‍රව්‍ය 6620mg සමග අත්අඩංගුවට පත් වූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

READ:   දවසේ කාලගුණය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්