අද අලුයමෙන් අවසන් වූ පැය 24 තුළ යුක්තිය මෙහෙයුමට අදාළව සිදුකළ වැටලීම්වලදී සැකකරුවන් 952ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන් සැකකරුවන් 11 ක් සම්බන්ධයෙන් රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් 10 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.
මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 29 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට පත් වූ බව පොලිසිය පැවසුවා.
මෙම වැටලීම්වලදී පොලිස් භාරයට ගෙන ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින්,
හෙරොයින් 276 g
අයිස් 2 kg 980 g
කොකේන් 3 g 50 mg
ගංජා 2 kg 817 g
ගංජා පැල 235212 ක්
ඈෂ් 4 g 130 mg
කුෂ් 1 g 250 mg
මාවා 165 g
තුල් 4 g 893 mg
මදන මෝදක 139 g
මත්පෙති 4310 ක්


