ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා.
විදුලි බිල පහත දැමීමට සමගාමීව ජල ගාස්තු අඩු කිරීමට හැකි මිල සූත්‍රයක් පිළිබඳව ජාතික ජල සම්පාදන මණ්ඩලය, ආසියානු සංවර්ධන බැංකුවේ උපදේශකයන් සමඟ සාකච්ඡා කොට මෙම මිල සූත්‍රය සකස් කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
විදුලිබල අමාත්‍යවරයා ලබන මාසයේදී විදුලි බිල අඩු කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කර ඇති අතර ඊට සමගාමීව ජල ගාස්තු ද පහළ හෙළීමට හැකි බව ඔහු සඳහන් කළා.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පේරාදෙණිය විශ්ව විද්‍යාලීය ජල පර්යේෂණ හා තාක්ෂණ ආයතනයේ පැවති සාකච්ඡාවකදී.
එම ආයතනයේ සම්බන්ධීකරණයෙන් මහජනතාව සඳහා සෞඛ්‍යමත් පරිපූර්ණ පානීය ජලය ලබාදීම, පර්යේෂණ විධිමත් කිරීම සහ අපජල ප්‍රවාහනය විධිමත් කිරීම යන කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා වුණා.


