කාන්තාවකගේ උදරයේ කළ සැත්කමකදී උදරයෙන් තෙල් (Fat) ලීටර් 13.5ක් පමණ ප්‍රමාණයක් ඉවත් කළ පුවතක් වාර්තා වෙනවා.
ඒ උදරය විශාල ලෙස ඉදිරියට නෙරා තිබූ 61 හැවිරිදි කාන්තාවක් මහනුවර පෞද්ගලික රෝහලක් තුළ සැත්කමකට භාජනය කළ අවස්ථාවකදී බවයි දිනමිණ වෙබ් පිටුව වාර්තා කළේ.
එම කාන්තාවගේ උදර කුහරයේ තෙල් ඉවත් කිරීම සඳහා සිදු කළ මෙම සැත්කමට (Liposuction) ඊයේ (12) දිනයේ දී පැය තුනක පමණ කාලයක් ගත වූ බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය ජයවර්ධන මහතා පැවසුවා.
මේ ආකාර සැත්කමකින් සාමාන්‍යයෙන් ඉවත් කරනු ලබන්නේ තෙල් ලීටර් 4-5 අතර ප්‍රමාණයක් බවත් මෙතරම් විශාල තෙල් ප්‍රමාණයක් ඉවත් කිරීමේ සැත්කමක් මෙරට පමණක් නොව ලොව වෙනත් රටක හෝ වාර්තා වී නොමැති බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළා.
සැත්කමට ලක් වූ විශ්‍රාමික ගුරුවරියක් වන 61 හැවිරිදි කාන්තාව එක්දරු මවක් වන අතර ඇය කිසිදු සංකුලතාවකින් තොරව සුවෙන් පසුවන බව ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.


