Saturday, June 6, 2026
Homeදේශීයවිදෙස් සංචාරකයින් රැගත් බසයක් දුම්රියක ගැටී බිහිසුණු අනතුරක්

විදෙස් සංචාරකයින් රැගත් බසයක් දුම්රියක ගැටී බිහිසුණු අනතුරක්

සංචාරකයින් පිරිසක් රැගෙන ගිය බස් රථයක් අද (29) අලුයම වස්කඩුව, කොස්ගස් හන්දියේ දී දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

බස් රථය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරීමට යාමේදී අනතුර සිදුව ඇති අතර අනතුරින් සංචාරකයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.

කටුනායක ගුවන්තොටුපොළ දක්වා සංචාරකයින් රැගෙන යමින් සිටි බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර අනතුරින් බස් රථයකට දැඩි හානි සිදුව තිබෙනවා.

අනතුරට මුහුණ පා ඇත්තේ අලුත්ගම සිට හලාවත දක්වා ගමන් කරන අංක 8304 දරණ බලවේග කට්ටල දුම්රිය යි.

READ:   ත්‍රී රෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවු අනතුරින් තිදෙනෙකු මරුට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්