Saturday, April 18, 2026
Homeදේශීයහොඳම ගායිකාව වූ නන්දාමාලනිය අසලට ගොස් ජනපති සම්මානය පුද කරයි

හොඳම ගායිකාව වූ නන්දාමාලනිය අසලට ගොස් ජනපති සම්මානය පුද කරයි

2023 ජනාධිපති සිනමා සම්මාන උළෙල ඊයේ (14) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වුණා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ජනාධිපති සම්මාන උළෙල මෙවර සංවිධානය කෙරුණේ වසර තුනකට පසුවයි.

2020 වසරේ හොඳම පසුබිම් ගායකාව ලෙස ආචාර්ය නන්දා මාලිනී මහත්මිය එහිදී සම්මාන ලැබුවා.

ජනාධිපතිවරයා නන්දා මලනී මහත්මිය සිටි තැනට ගොස් එම සම්මානය පිරිනැමීම සිදු කළා.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ 1963 වසරේ සරසවි සම්මාන උළෙලේදී ආචාර්ය නන්දා මාලනිය ශ්‍රී ලංකේය සිනමාවේ පසුබිම් ගායනය වෙනුවෙන් මෙලෙස සම්මානයක් පිදුම් ලැබූ බවත්, තමාට ද එම අවස්ථාවට සහභාගීවීමට අවස්ථාව හිමි වූ බවයි.

file

ශ්‍රී ලාංකීය සිනමාව සහ සංගීත ක්ෂේත්‍රය උදෙසා ආචාර්ය නන්දා මාලනි මහත්මිය විසින් ලබාදුන් දායකත්වය වෙනුවෙන් සමස්ත ජාතියේම ගෞරවය සහ ප්‍රණාමය මෙන්ම ස්තූතියි ද හිමිවන බව ජනාධිපතිවරයා සඳහන් කළා.

file

2019 වසරේ හොඳම නළුවා ලෙස කමල් අද්දරාරච්චි මහතාත්, 2020 වසරේ හොඳම නළුවා ලෙස කුමාර තිරිමාදුර මහතාත් සම්මාන ලැබුවා.

2019 වසරේ හොඳම නිළිය බවට පත්වුණේ සමාධි ලක්සිරි මහත්මිය යි.

2020 වසරේ හොඳම නිළිය ලෙස නීටා ප්‍රනාන්දු මහත්මිය සම්මාන ලබා ගත්තා.

මේ අතර 2019 වසරේ හෙඳම චිත්‍රපටය ලෙස ‘ගින්නෙන් උපන් සීතල ‘චිත්‍රපටය පත් වුණා.

2020 වසරේ හොඳම චිත්‍රපටය ‘ The Newspaper’ චිත්‍රපටය යි.

file

වසරේ හොඳම අධ්‍යක්ෂණය, සිනමාව වෙනුවෙන් විශේෂ කාර්ය සම්මානය, “ස්වර්ණසිංහ” සම්මානය ආදී සම්මාන රැසක් පිරිනැමීම මෙහිදී සිදුකෙරුණා.

READ:   අන්තරේ කැඳවුම්කරු ඇතුළු 6 දෙනෙකුට විදෙස් ගමන් තහනම්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්