Sunday, April 19, 2026
Homeක්‍රීඩාවෝනර් මාෂ්ට බිඳින්න බැරි වුණ සුපිරි වාර්තාව තවදුරටත් සුරැකෙයි

වෝනර් මාෂ්ට බිඳින්න බැරි වුණ සුපිරි වාර්තාව තවදුරටත් සුරැකෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහි තරගයේ දී ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු යුගලය David Warner සහ Michell marsh වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වුණා.

එහිදී ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකු ගොඩනැඟු ඉහළම ලකුණු සම්බන්ධතාවේ වාර්තාව අලුත්කිරීමට ආසන්න අවස්ථාවට වෝනර් සහ මාෂ් පිවිසියා.

කෙසේ වෙතත් මිචෙල් මාෂ් ලකුණු 121කට දැවී යාමත් සමග එම වාර්තාව තවදුරටත් සුරැකීව පවතිනවා.

වසර 12ක් තිස්සේ එම වාර්තාවට හිමිකම් කියන්නේ ශ්‍රී ලංකාවේ හිටපු ආරම්භක පිතිකරු යුගලය ටී.එම්. දිල්ශාන් සහ උපුල් තරංග යි.

2011 වසරේ සිම්බාබ්වේට එරෙහිව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ඔවුන් දෙදෙනා ගොඩනැඟු ආරම්භක සබඳතාව ලකුණු 282ක්.

පාකිස්තානයට එරෙහිව පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 367ක් රැස් කළා.

එහිදී David Warner පන්දු 124කින් ලකුණු 163ක් සහ Michell marsh පන්දු 108කින් ලකුණු 121ක් ලබා ගත්තා.

file
READ:   ප්‍රියන්ත බේරා ගැනීමට උත්සහ කළ පුද්ගලයාට නිර්භීතකම උදෙසා පිරිනැමෙන පාකිස්ථානයේ දෙවන ඉහළ ම සම්මානය. අගමැති නිවේදනය කරයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්