Sunday, July 26, 2026
Homeදේශීයහර්තාලයේ නවතම තත්ත්වය

හර්තාලයේ නවතම තත්ත්වය

උතුරු නැගෙනහිර පළාත් තුළ අද (20) හර්තාලයක් පැවත්වෙනවා.

මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතාට සිදුවූ බව කියන තර්ජන සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා මෙම හර්තාලය ක්‍රියාත්මක වෙනවා.

දේමළ දේශපාලන පක්ෂ 07ක් විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් හර්තාල ව්‍යාපාරය කැඳවා තිබෙනවා.

කෙසේ වෙතත් එම පළාත් තුළ මනාගමන කටයුතු හා බොහෝ පාසල්වල කටයුතු සමාන්‍ය පරිදි සිදුවන බව වාර්තා වුණා.

දමිළ පාසල්වල සිසුන් හා ගුරුවරුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙනවා.

දුර ගමන් සේවා බස් රථ ද සමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

නගරයේ සහ නගර ආසන්න වෙළඳසැල් වසා දමා තිබෙනවා.

READ:   යාපනයේ හැදු සූර්ය බලයෙන් යන සැප මගී යාත්‍රාව දියඹට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්